ලොව උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය කර ලෝක වාර්තා තැබීමට නේපාල ජාතික කඳු නගින්නෙක් සහ බ්‍රිතාන්‍ය ජාතික කඳු නගින්නෙක් පසුගියදා සමත්විය.

එහිදී 29 වරක් එවරස්ට් තරණය කළ නේපාල ජාතික 54 හැවිරිදි කමයි රීටා ෂෙර්පා ලොව වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කළ පුද්ගලයා බවට නැවතත් පත්වුණි.

ඊට පෙරද එම වාර්තාවට හිමිකම් කී​වේ ඔහු වීම විශේෂත්වයකි.

වෘත්තියෙන් එවරස්ට් තරණය කරන්නන්ගේ මඟ පෙන්වන්නෙක් වන රීටා එය පළමුව තරණය කර ඇත්තේ 1994 වසරේදී වන අත​ර එතැන් සිට සෑම වසරකම පාහේ ඔහු එවරස්ට් තරණය කර තිබේ.

එමෙන්​ම පසුගියදා එවරස්ට් තරණය කළ බ්‍රිතාන්‍ය ජාතික කෙන්ටන් කූල් මෙවර 18 වැනි එවරස්ට් තරණය කළ අතර ඔහු ඉතිහාසයට එක්වන්නේ වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කළ විදේශිකයා ලෙසටය.