ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙන​වා

80 වියෙහි පසුවූ අතර බ්‍රීඩා ජයසූරි​ය  උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබෙනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහු නැවත සිය පවුලේ අය සමඟ සිටින බවයි.

අවසන් කටයුතු ලබන බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.