කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙ​න රතු නිවේදනයක්  නිකුත් කර තිබේ.

ඒ අදාළ නිවේදනයේ  තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අත​ර දිවයිනට වටා මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන්නැයි දැනුම්දී තිබේ.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් අතර වැඩි වෙන බවත් මුහුද ඉතා රළු වෙන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇති අත​ර කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5 දක්වා ඉහළ යාහැකිය.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.