ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක හෙට වැඩ භාරගැනීමට නියමිත බව වාර්තා වේ.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව එම පත්කිරීම අනුමත කර ඇථි බවයි වාර්තා වන්නේ.

කාවන් රත්නායක ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට පෙර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා එම තනතුර දැරූ අතර කාවන් රත්නායක මීට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර ආයතනය යන ආයතනවල සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (භෞතික විද්‍යාව) විද්‍යාවේදී උපාධියක් ලබා කාවන් රත්නායක IBM Sri Lanka හි මෙරට සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම Dialog Broadband හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්, Dialog Axiata PLC හි ප්‍රධාන ආයතනික නිලධාරියා ලෙසත් ඔහු කටයුතු කර ඇත.