පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් සඳහා ඉදිරියේදී තේරෙන භාෂාවෙන් පිළිතුරු දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

එතුමා වැඩිදුරටත් සඳහන් කළේ දැනට කරගෙන යන  ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කිරීමටද නොපැකිලෙන බවයි.

එතුමා මේ බව සඳහන් කළේ පසුගිය දිනවල අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ පාතාල වෙඩි තැබීම්වලින් අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකුම මියයෑමේ සිද්ධිය සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් ය.