යුක්තිය මෙහෙයුම සඳහා අද (11) සිට හමුදාවේ සහය ලබා ගැනීමට තීරණය කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.

පොලිස් නිලධාරීන්ගේ යම් අඩු පාඩුවක් සිදුවුණොත් ඒ වැටලීම් සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වුණොත් විශේෂයෙන් මාර්ග බාධක වැනි දේ ක්‍රියාත්මක කිරීමට හෝ දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුවොත් යුධ හමුදාව ඒ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අදාළ සම්බන්ධීකරණය සිදුකර ඔවුන්ව කැඳවා ගැනීමට අවශ්‍ය පහසු ක්‍රමවේදයක් දැනට සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.