ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පලමු එක්දින තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම අද (13) සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 255ක් රැස්කල අතර එහිදී ජනිත් ලියනගේ පන්දු 69කදී ලකුණු 67ක් හා නායක කුසල් මෙන්ඩිස් පන්දු 75කදී ලකුණු 59ක් රැස්කර ගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 44.4ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 257ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයගැනීමට හැකි වූ අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක Najmul Hossain Shanto ශතකයක් ද වාර්තා කලේය.. ඔහු නොදැවී පන්දු 19කදී ලකුණු 122 යි.

ඊට අමතරව මුශ්ෆිකර් රහීම් පන්දු 84කදී නොදැවී ලකුණු 73ක් හා මහමදුල්ලාහ් රියාද් ලකුණු 37ක් ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ඩිල්ශාන් මදුශංක කඩුලු 2ක් හා, ප්‍රමෝද් මදුශාන් හා ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැඟින් බෙදි ගියේය.