ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ ඇමරිකානු ටෙලිනාට්‍ය මාලාවක් වන FRIENDS හි තිර පිටපතක කොටසක් කුණු කූඩයක් තිබී හමු වී ඇති අතර, එය පවුම් 20,000කට වෙන්දේසි කිර ඇති බව වාර්තා වනවා.

FRIENDS කතා මාලාව රූගත කෙරුණු Fountain Studio හි සේවය කළ සේවකයෙකු විසින් 1998 දී මෙම තිර පිටපත් කොටස සොයා ගෙන ඇති අතර, ඒ සඳහා ආරම්භක ලංසුව පවුම් 600ක් ලෙසයි තබා ඇත්තේ. අනපේක්ෂිත ලොවපුරා ගැණුම්කරුවන්ගෙන් ලංසු තැබීම් 219ක් ලැබී ඇති අතර, අවසාන ලංසුව පවුම් 22,000 ක් ලෙසයි සටහන් ව ඇත්තේ. ගැණුම්කරු විසින් මෙම පිටපත් සඳහා ගෙවා ඇති මුදල පවුම් 28,824 ක් එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 11824155/-ක් වන අතර මෙලෙස වෙන්දේසි කර ඇත්තේ FRIENDS කතා මාලාවේ “The One With Ross’s Wedding” කොටස ඇතුළත් තිර පිටපත බවයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.