Pearl (2022) චිත්‍රපටයේ කොටසක් ලෙස නිර්මාණය වන Maxxxine චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර බ්‍රිතාන්‍ය ජාතික සුපිරි නිලි Mia Goth විසින් තම හිසට පයින් පහර දුන් බවට චෝදනා කරමින් James Hunter නම් පසුබිම් නලුවෙකු විසින් ඩොලර් ලක්ෂ 5ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ අනව, අදාළ නළුවා ව්‍යාජ ලේ ආලේප සහිතව බිම වැතිර සිටියදී ⁣Mia Goth ඔහු අසලින් දිව යන දර්ශනයක් දර්ශනයක් රූගත කරමින් සිට ඇති අතර, එහි පලමු හා දෙවන රූගත කිරීම්වලදී ඔහුගේ මුහුණ අසලින්ම දිව ගිය Goth තෙවන අවස්ථාවේ මුහුණට උඩින් පැන ගොස් ඇති අතර, 4වන අවස්ථාවේදි බූට් සපත්තු පැළඳි පාදයෙන් තම හිසට පයින් ගසා දිවු බවයි මෙම ශිල්පියා චෝදනා කර ඇත්තේ. එයින් හිසට තුවාල සිදු වූ බවත්, පසුව Mia Goth පැමිණ ඔහුට සමච්චල් කළ බවත් සඳහන් වනවා.

පසුව James විසින් මේ පිළිබඳව චිත්‍රපට කාර්යමණ්ඩලය දැනුවත් කළද, ඔහු එම රූගත කිරීමෙන් ඉවත් කර ඇති බවද ඔහු චෝදනා කර තිබෙනවා.