ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගය අද පස්වරු 07.00ට ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංගටත්, සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය සිකන්ඩර් රාසාටත් හිමිව තිබේ.

වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව පැවැත්වෙන පළමු තරගය මෙයයි.