සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් වාර්තා කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක සිකන්දර් රාසා ලකුණු 62ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී නායක වනිඳු හසරංග ලකුණු 19කට කඩුලු 02ක් සහ මහීෂ් තීක්ෂණ 16කට කඩුලු 02ක් දවාගත්හ.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 144ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී කලකට පසු විස්සයි-20 පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38කින් ලකුණු 46ක් රැස් කළේය. තරගයේ වීරයා සම්මානයද මැතිව්ස්ට හිමි විය.