අයි.සී.සී.ය මගින් නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 03ම ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට හිමිව තිබේ.

ශ්‍රේණිගත ලකුණු 903ක් ලබාගනිමින් මානස් ලැබුශේන් පළමු ස්ථානයත්, ස්ටීව් ස්මිත් දෙවැනි ස්ථානයත්, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ වීරයා වූ ට්‍රැවිස් හෙඩ් තෙවැනි ස්ථානයත් හිමිකර ගෙන තිබේ.

මේ ආකාරයට එකම කණ්ඩායමක පිතිකරුවන් තිදෙනකු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 03 හිමිකර ගෙන ඇත්තේ වසර 39කට පසුවයි. මින් පෙර 1984දී කොදෙව් පිතිකරුවන් තිදෙනෙක් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 03ට පත්ව තිබේ. මෙම ලැයිස්තුවේ 08වැනි තැන ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට හිමිව තිබේ.

 

 

කවිඳු කාරියවසම්