ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව සමග පැවති අවසන් 20-20 තරගයේදී විනිසුරු ලින්ඩාල් හැනිබල් සහ ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමග ඇති වූ මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙන් විනිසුරු හැනිබල් තරග තීරකවරයාට  පැමිණිලි කර ඇති බව සදහන් .

මේ සිද්ධිය සම්බන්ධයෙන් වනිදු හසරංගට ජ්‍යාතියන්තර ක්‍රිකට් කවුන්සලයෙන් (ICC) විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වෙනවා.

හසරංගගේ මේ හැසිරීමට ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ 2 මට්ටමේ චෝදනාවක් එල්ල වී ඇති බව සදහන් .

මීට පෙර සිදුකළ වැරදි සම්බන්ධයෙන්  දැනටමත් demerit points දෙකක් ලබා ඇති හෙයින් ,වරදකරු වුවහොත් හසරංගට හසරංගට T20 තරග දෙකක් හෝ ඊට වැඩි ගණනට තහනමකට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් මේ හැසිරීම සම්බන්ධයෙන් අය කරගැනීමට නියමිත දඩ මුදල සම්බන්ධයෙන් තවමත් ICC කිසිවක් ප්‍රකාශයට පත්කර නැත