පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ මිකී ආතර්, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන ප්‍රධානියා සහ පන්දු රැකීමේ පුහුණුකරු ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න්, පිතිකරණ පුහුණුකරු ඇන්ඩෘ පුටික් යන පුහුණුකරුවන් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ පාකිස්තාන කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හේතුවෙන්.

පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලි පරාජයෙන් පසු ඔස්ට්‍රේලියාවේ පැවැති ටෙස්ට් තරගාවලිය සහ නවසීලන්තයේ පැවැති තරග 05කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරග 04ද පරාජය වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.