2024 ඉන්දීය ප්‍රීමියර් ලී​ග් ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතව ඇත.

සමාරම්භක තරගයේදී Chennai Super Kings සහ  Royal Challengers Bengaluru කණ්ඩායම තරග වැදීමට නියමිත අතර අද විශේෂත්වයක් වන්නේ Chennai Super Kings කණ්ඩායමේ නායකත්වයෙන් මහේන්ද්‍ර සිං දෝනි ඉවත් වීමට තීරණය කිරීමයි.

ඒ අනුව, චෙන්නායි කණ්ඩායම මෙවර නායකත්වය රුතුරාජ් ගයික්වාඩ් විසින් සිදුකරයි.

තවද මෙවර චෙන්නායි කණ්ඩායමට මහිෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ ක්‍රීඩා කරන අතර ආබාධයක් හේතුවෙන් මතීෂට තරගාවලියේ තරග කිහිපයක් මඟ හැරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

Chennai Super Kings – Royal Challengers Bengaluru තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව ඇත.