ඇතන්ස්හි සත්වෝද්‍යානයක දුර්ලභ පිග්මි හිපපොටේමස් සත්වයෙකු උපත ලබා ඇති අතර විදෙස් මාධ්‍ය පවසන්නේ දශකයකට පසු මෙම සත්වෝද්‍යානයේ උපත‍ ලද පළමු පිග්මි හිපෝ මෙය බවයි.

මෙම උපත් පිළිබඳව එම සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය ඉතා සතුටට පත් වී තිබෙනවා.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම සත්ත්ව විශේෂය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි.