2024 වසර අවසානයේ වැඩ අවසන් වීමට නියමිත මොරගොල්ල ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් අද උදෑසන අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමග එම ව්‍යාපෘතිය සිදු කරන ප්‍රදේශයේ ගම්වාසීන් මෙම අවස්ථාවට සහභාගිවූ අතර ඉදිකිරීම්වල ප්‍රගතිය ගැන මෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම ගම්වාසීන්ගේ පානීය ජල ළිං සහ මුලාශ්‍ර සිදී යාම, නිවෙස්වලට සිදු වී ඇති හානිය, එම ව්‍යපෘති සේවකයන්ගේ වැටුප් ගෙවීම් ගැටළු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

එහි​දී එම අගතියට පත්වූ ගම්වාසීන්ට සහන ලබාදීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලද සාකච්ඡා කෙරුණු අත​ර එම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිළධාරීන් මෙන්ම ව්‍යාපෘති ඉංජිනේරුවන්, ව්‍යාපෘති සමාගමේ නිළධාරීන් සහභා​ගි විය.

මෙගාවොට් 30.5ක් ජාතික පද්ධතියට එක්කරන මොරගොල්ල ජලවිදුලි ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාර සපයා ඇත.