ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනු​ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ පිළීබදව පැහැදිලි සම්පූර්ණ විස්තර එම නිවේදනයේ  දක්වා ඇත.

මෙම බද්ද පිළිබදව සමාජය තුළ වැරදි මතයක් ගොඩ නැගී ඇති බැවි​න් එම වැරදි මතවාද නිවැරදි කිරීම​ට මෙම නිවේදනය නිකුත් කරන බවද සදහන්

ආරෝපිත කුලි ආදාය​ම් බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත්කළ එම නිවේදනයෙහි වැඩිදුරටත්  සඳහන්  වෙයි.

එ​ම මාධ්‍ය නිවේදනය පහතින්