මැතිවරණ කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදීම තවදුරටත් කල් දමා ඇත.

ඒ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ මස 22 වන දින යළි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසා තිබේ.

ව්‍යවස්ථාදායක සභාව ඊයේ (02) රැස්වූ අතර එහිදී දැනට පුරප්පාඩුව පවතින මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනා සහ පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයා පත්කිරීම පිළිබඳව අනුමැතිය ලබාදීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේ අදාළ පත් කිරීම් සඳහා නිර්දේශ ලබාදීම සිදු නොවූ බව කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.