ඊයේ (15) නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග විසින් කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස ඒවා ක්‍රියාත්මක කරන බව සදහන්

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ ප්‍රධාන ඇළ මාර්ග හා වැව් නඩත්තු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙන අතර එමගින් කොළඹ ප්‍රධාන ඇළ මාර්ග කිලෝමීටර් 44ක් සංවර්ධනය කිරීමට නියමිතයි

එම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 295කි.

ඒ අනුව කළු ඔය ද්‍රෝනි ඇළ මාර්ග නඩත්තු කිරීම, ඇළ මාර්ගයට යාබද ඇළ ඉවුරු නිරීක්ෂණය, නව ඉවුරු සැකසීම, ලුනාව ඇළ මාර්ගය නඩත්තු කිරීම, ලුනාව කලපුව, පැරණි ඕලන්ද ඇළ හා ඒ සම්බන්ධිත ජල රැඳවුම් නඩත්තු කිරීම මේ යටතේ සිදු කෙරේ.