මගීන්ට සිටගෙන යා හැකි ආකාරයේ සුඛෝපභෝගි බස්රථ සේවාවක් කොළඹ නගරය මූලික කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව වාහන ආයනයන සීමා ඉවත් වූ වහාම එම බස්රථ ගෙන්වීමට සැලසුම් කර තිබෙන බවයි ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයට මීට අදාළයෝජනාව ලබාදී තිබෙන බවත්, මීට අමතරව බස්රථ ගෙන්වීමට අදාළ ණය ලබා ගැනීම සඳහා බැංකු සමග සාකච්ඡාකර අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර ඇත.

ඉතිහාසයේ පළමු වතාවට මේ ආකාරයේ බස්රථ ලංකාවට ගෙන්වන බවත්, මෙම බස්රථයක මගීන් 80කට ගමන්කළ හැකි බවද සඳහන් වේ.

ලංකාවේ භාවිත කරන ඕනෑම බැංකු කාඩ්පතකින් මෙම බස් රථවල ගාස්තු ගෙවිය හැකි ආකාරයේ උපකරණ සවිකිරීමට කටයුතු කරන බවත්, මෙම බස්රථවල ගමන් කරන පිරිස් සඳහා විශේෂ වරප්‍රසාද කිහිපයක් ලබාදීමටත් සැලසුම් කර තිබෙන බවත් ඔහු සඳහන් කර ඇත.

ආනයන සීමා ලිහිල් කරදීමට කටයුතු කළහොත් මාස 03ක් තුළ මගීන් 80කට ගමන් කළ හැකි 50ක් ගෙන්වීමට අදාළ කටයුතුසිදුකර තිබෙන බවත්, මෙම බස්රථ බස් ප්‍රමුඛතා මාර්ගවල ගමන් කරමින් ජනතාවට කඩිනම් සේවාවක් ලබාදීමට ප්‍රවාහන බලධාරීන් සමග සාකච්ඡාකරතිබෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.