මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වයත් සමඟ ගංගා ආශ්රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ද නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ද ඇතිවීමේ ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත්කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (18) පස්වරු 4 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.