අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර තත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එ​ම නිවේදනයේ දැක්වෙන පරි​දි තවලම ප්‍රදේශයෙන් ගිං ගඟේ ජල මට්ටම මීටර් 8.35ක අගයක් ගෙන ඇති අත​ර එ​ම ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතින බවය.

එසේම ගිං ගඟේ ජල මට්ටම අද දහවල් 12 වනවිට බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එහි ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතී.

එසේම එම වාර්තාවට අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ද මේ වනවිට මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එහි ජල මට්ටම තවදුරටත් වැඩිවෙමින් පවතී.

එසේම කළු ගඟ පුටුපාවුල, ඇල්ලගාව, රත්නපුර, ප්‍රදේශවලින් සහ කළු ගඟේ අතු ගංගාවක් වන මගුරු ගඟ මගුර ප්‍රදේශයෙන් මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එහි ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතින බව එහි දැක්වෙයි.

එසේම නිල්වලා ගඟ ද පිටබැද්දර ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය සමග කැලණි ගඟ නාගලගම්වීදිය, හංවැල්ල සහ ග්ලේන්කෝස් ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එම ස්ථානවලින් ජල මට්ටම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.