ලබන සතියේ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ සැසියේදී ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට ප්‍රංශය සූදානම් වෙනවා.

ඒ සෙනට් සභාව ඊයේ (28) දිනයේ ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් හිමි වූ අතර විපක්ෂව හිමි වී ඇත්තේ ඡන්ද 50ක් පමණයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ ගබ්සාවක් තෝරා ගැනීමේ කාන්තා නිදහස “ආපසු හැරවිය නොහැකි” බවට පත් කිරීමට තමා පොරොන්දු වූ බවයි.

1975 වර්ෂයේ සිට ගබ්සාව ප්‍රංශයේ නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.