අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් හීට් ස්ට්‍රෝක් රෝගී තත්ත්වය ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

ගත වූ පැය 24 තුල උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 36. 8 කොළඹ සහ රත්මලාන ප්‍රදේශවලින් වාර්තා වී ඇති අතර, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව, සිරුරේ සිසිල් බව ආරක්ෂා කර ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් කියා සිටියා.