ගාල්ල කොටුවට ඇතුළුවීමේදී සංචාරකයින්ට ටිකට් පතක් නිකුත් කිරීමට කිසිඳු අදහසක් නොමැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසා ඇත.

ඒ අනුව මුදල් අය කිරීම සිදුකරනු ලබන්නේ කෞතුකාගාරය සහ සුවිශේෂී ස්ථානවලට පමණක් බව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එම මුදල් අය කරන්නේද කඩත්තු කටයුතු සිදු කිරීමට බවත් කොටු පවුර නායයෑමේ අවදානමක පැවතීම හේතුවෙන් එය නඩත්තු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව සඳහන් කර තිබේ.