ඊශ්‍රායල – හමාස් ගැටුම් මධ්‍යයේ ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන් වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

මෙම දරුවන්ට අවශ්‍ය සහන සැපයීමට සහ ගාසා තීරයේ රඳවාගෙන සිටින ළමා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බව එම සංවිධානය සඳහන් කර ඇත.

ඔක්තෝබර් 7 වැනි දා ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ මියගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,240 ක් වන අතර ඒ අතුරින් 4,630ක් දරුවන් වේ.

හාමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් පමණ වන බව ඊශ්‍රායල බලධාරීන් පවසා ඇත.

ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ද මේ වනවිට සම්පුර්ණයෙන් බිඳ වැටී තිබේ.

රෝහල්වල විදුලිය සැපයුම බිඳ වැටීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක සහ නොමේරු ළදරු ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් වැඩි පිරිසක් මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.

එවැනි පසුබිමක ඊයේ තුර්කිය, ඊජිප්තුවේ රෆා පිවිසුම ආසන්නයේ තාවකාලික රෝහල් ඉදිකිරීම ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝහල් 8ක් සඳහා අවශ්‍ය උපකරණ විදුලය ජනන යන්ත්‍ර සහ ගිලන් රථ රැගත් නෞකාවක් ඊයේ ඊජිප්තුවට ළඟා වූ බවය.

 

KHAN YUNIS, GAZA – OCTOBER 24: People get upset near a heavily damaged building after Israeli attacks by warplanes and artillery fire as civil defense teams and civilians conduct search and rescue operations in Khan Yunis, Gaza on October 24, 2023. (Photo by Mustafa Hassona/Anadolu via Getty Images)

Palestinians carrying their belongings flee to safer areas in Gaza City after Israeli air strikes, on October 13, 2023. Israel has called for the immediate relocation of 1.1 million people in Gaza amid its massive bombardment in retaliation for Hamas’s attacks, with the United Nations warning of “devastating” consequences. (Photo by MAHMUD HAMS / AFP)