අද (26) අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

විරෝධතාවය හේතුවෙන් කොටුව, ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙන අතර  විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා

​‍