ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඇතැම් වෙළඳුන් අතරමැදියන්ගෙන් එළවළු හා පළතුරු මිල දී ගෙන ගොවීන් මෙන්ම, පාරිභෝගිකයින් ද සූරාකෑමේ ජාවාරමක් දියත් කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කර තිබේ.

ඒ අනුව, එලෙස කටයුතු කරන වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කර වෙනත් පුද්ගලයින්ට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.