ලොවපුරා රසිකයින් අතර ජනප්‍රිය Peaky Blinders කතාමාලාවේ Arthur Shelby චරිතය රඟදැක්වූ 48 හැවිරිදි රංගන ශිල්පී Paul Anderson පසු ගියදා කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් බ්‍රහස්පතින්දා Highbury Corner මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා.

Paul Anderson ගේ නීතිඥයා විසින් අධිකරණයට පවසා ඇත්තේ ඔහුගේ සේවාදායකයා ඉතා ජනප්‍රිය Peaky Blinders නම් කතාමලාවක Arthur Shelby නමින් චරිතයක් රඟදක්වන බවත්, එම චරිතය මත්ද්‍රව්‍ය සමඟ සමීප සබඳතා ඇති බැවින් ඔහුගේ රසිකයන් සතුටු කිරීම සඳහා සහ චරිතයට වඩාත් සාදාරණයක් ඉටු කිරීමට එලෙස හැසිරී ඇති බවයි.
A පන්තියේ ක්‍රැක් කොකේන්, B පන්තියේ ඇම්ෆෙටමින් සහ C පන්තියේ මත් බෙහෙත් වට්ටෝරු දෙකක් සන්තකයේ තබා ගැනීම ඔහුට එරෙහිව එල්ලවී තිබූ චෝදනා වුණා එම චෝදනා හතරටම වැරදිකරු වූ Paul Anderson ට පවුම් 1,345 ක දඩයක් නියම කිරීමට අධිකරණය පියවර ගත්තා.