ඊයේ (06) පැරිස් නුවර Élysée මාලිගයේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron අතර හමුවක් පැවැත්වුණා.

ප්‍රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරු අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමටත් ද්විපාර්ශ්වීය වෙළඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීමටත් චීනය බලාපොරොත්තු වෙන බව එහිදී ෂී ජින්පිං අවධාරණය කළා.

මේ වනවිටත් චීනය ප්‍රංශයේ ගුණාත්මක කෘෂි නිෂ්පාදිත වැඩියෙන් ආනයනය කරනු ලබනවා.

දෙරට අතර ගුවන් සේවාව හා අභ්‍යවකාශය ඇතුළු සාම්ප්‍රදායික ක්‍‍ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු අතර න්‍යෂ්ටික බලශක්ති, නවෝත්පාදනය, මුල්‍ය සේවාව යන අංශවල සහයෝගතා ශක්තිමත් කළ යුතු බවත් මෙහිදි සාකච්චාවට ලක්ව තිබෙනවා.

චීනය හා ප්‍රංශය දැවැන්ත සංස්කෘතික වටපිටාවකින් පැවත එන රටවල් දෙකක් වන අතර වර්තමානයේ ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා කණ්ඩායම් එදිරිවාදිකම් වැළැක්වීම සඳහා දෙරට අතිශයින් වැදගත් කාර්යභාරයන් ඉටු කරන බව ද චීන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙහිදී නායක දෙපළ යුක්‍රේන අර්බුදය හා පලස්තීන ඊශ්‍රායල ගැටුම ඇතුළු පොදුවේ සැලකිල්ලට ලක් කළ යුතු ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව ද අදහස් හුවාමරු කර ගත් බවත් වාර්තා වේ.