දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අදත් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව වාර්තා වේ .

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (06) දිනයේදි ආරම්භ කළ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ තේමා පාඨය ඒ “ඉවසුවා ඇති” යන්නයි.

ඒ අනුව 14,000කට අධික ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන අතර සිය වෘත්තිය ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදුනහොත් ලබන සතියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවන බව සමස්ත ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි .