අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ජංගම දුරකතන මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ නිසා අමෙරිකානු ඩොලරයට සාපේකෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයින් වෙත ලබා දෙමින් ජංගම දුරකතන මිල පහළ දැමීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කළා.