නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත  ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ (Donald Trump) සහ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් (Joe Briden) ඉදිරිපත් වන බව තහවුරු වීමත් සමග මැතිවරණ සටන උණුසුම් වී තිබෙනවා.

ඔවුන්ගේ නාම යෝජනා පක්ෂ සමුලුවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැතිවරණ ව්‍යාපාරයේ මූලික කටයුතු අරඹමින් ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබුණේ අනාගතය වෙනුවෙන් ඇමෙරිකානු ජනතාව සුදුසු තෝරා ගැනීම සිදුකරනු ඇති බවයි.

අපරාධවලට එරෙහිව සටන් කරන බවට සහ පළමුව ඇමෙරිකාව යන ප්‍රවේශය යළි තහවුරු කරන බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබෙනවා.