ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් කතා කළා ඇති. එය ක්‍රියාවෙන් එය ඔප්පු කර පෙන්වන්නැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසා ඇත.

එමෙන්ම මෙම ගැටලුව පිළිබඳව දෙමළ  දේශපාලන නායකයින් හා සාකච්ඡා කිරීමට පෙර මේ පිළිබඳ සත්‍යය සිංහල නායකයින්ට තේරුම් කර දිය යුතු බවද මන්ත්‍රීවරයා සදහන් කර තිබේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“මේ වසරේදී ජාතික ගැටලුවට විසදුමක්, ආර්ථික වර්ධනයට ජාතීන් අතර සංහිදියාව ඉතා වැදගත් යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. නමුත් ජනාධිපතිවරයා මෙම කතාව සිදු කරමින් සිටින්නේ පසුගිය ජාතික නිදහස් දින සැමරුමට පෙර සිටයි. ඔහු පැවසුවේ ජනවාර්ගික ගැටලුවට මේ වසරේ ජාතික නිදහස් දින සැමරුමට පෙර විසදුමක් දෙන බවයි. නමුත් ඔහු යළි යළිත් එම ප්‍රකාශය සිදු කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන සමස්ත දෙමළ ජනතාවට බලපෑ ඇති ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීමට අපි සුදානම්. නමුත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කතා කළා ප්‍රමාණවත්. කතාව දැන් නතර කළ යුතුයි.”

රාජිනි මෙන්ඩිස්