ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර තිබේ.

නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන්  මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බව එහිදී ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරයා පවසා ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද (04)  ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර තිබේ.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් මේ බව පවසා ඇත.

එහිදී ඔහුගේ නීතිඥන් වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ වීම හරහා මේ වනවිට මහත් අපහසුතාවයකට පත්ව ඇති බවය.

අදාළ නඩුව එළඹෙන 18 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.