නිදහස ලැබීමෙන් පසු සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාව හෝ සිවිල් කැලඹීම් හේතුවෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර ඇත

මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශ ඇමති බන්දුල ගුණවර්ධන අද (23) පැවසීය.

මෙම ස්මාරකය මෙම සිදුවීම්වලින් විපතට පත් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම සිවිල් වැසියන්ගේ අනුස්මරණයක් ලෙස සැලකෙන බව ද සදහන් වේ.