ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව ජූනි මස 1 වනදා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වනු ඇත.