1990 වර්ෂයේදී ඇඟලුම් වෙළෙඳසැලක් තුළ මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.
ජීන් කැරොල් නම් මාධ්‍යවේදිනිය විසින් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ සිවිල් නඩුවකදී එහි ජූරි සභාව විසින් එම තීරණය ගෙන තිබේ.
ඇය චෝදනා කර ඇත්තේ එම ඇඟලුම් වෙළෙඳසැලේ පැළඳුම් කාමරයක් තුළදී ට්‍රම්ප් ඇයට ලිංගික හිරිහැර සිදුකර ඇති බවය.
ඒ අනුව අදාළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු කළ අදාළ ජූරි සභාව අදාළ මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කර තිබේ.
සසිඳු සහන් තාරක