ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක බිහිසුණු ගින්නක් හටගෙන තිබේ.

වැලෙන්සියා බලධාරීන් පවසන්නේ එම තට්ටු නිවාස සංකීර්ණයේ 450ක් පමණ පිරිසක් ජීවත්වන බවත් මේ වනවිට එම ගින්න හේතුවෙන් සිව්දෙනෙකු මියගොස් ඇති බවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ය.

එසේම තවත් පිරිසක් පිළිබඳ තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති බවද ඔවුන් පැවසීය.