ශ්වසන රෝග ඇතුළු බැක්ටීරියා ආසාදන සදහා භාවිතා කරන ‘කෝ ඇමොක්සික් ලෙව්’ නැමති ප්‍රතිජිවක ඖෂධයේ තවත් ඛාණ්ඩ තුනක් පසුගිය 15 වැනිදා සිට භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මීට පෙර ද භාවිතයෙන් ඉවත් කර ඇති මෙම ඖෂධය තත්වයෙන් බාල බවට වෛද්‍ය සැපයුම් අංශය නිර්දේශ කිරීමත් සමඟය.

ළමා රෝග ආසාදනවලදී බහුල වශයෙන් ලබා දෙන මෙම ප්‍රතිජීවක ඖෂධය දේශීය සමාගමක නිෂ්පාදනයක් බව සඳහන් වේ.

ඵම ඖෂධය පිළිබද වැඩිදුර පරීක්ෂණ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණාගාරයකට යොමු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කර ඇත.

ඒ ආකාරයට පරීක්ෂණ සදහා යොමු කර තිබියදී මෙම විසින් නිෂ්පාදනය කර යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ තත්ත්වයෙන් බාල බව සොයා ගැනීමත් සමඟ ඉවත් කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසා තිබේ.