මීගමුව සිට කළුතර දක්වා වෙරළ තීරයේ දින තුනක් වැනි කෙටි කාලයක් තුළ කැස්බෑ මළ සිරුරු 20ක් පමණ ගොඩ ගසා ඇත.

කැපුන්ගොඩ, පමුණුගම, මුතුරාජවෙල වගුරුබිම සහ ඉඳුරුව මුහුදු ප්‍රදේශවලින් මෙම මළ සිරුරු සොයාගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සදහන් කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ කැස්බෑ මළ සිරුරු රැසක් හමුවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් දිය යට ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම කැස්බෑවුන් මිය යන්නට ඇති බවට සැක කෙරේ.

මේ අතර, මියගිය සියලුම කැස්බෑවන් එකම ප්‍රමාණයේ සහ එකම විශේෂයට අයත් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අනාවරණය කර ඇත.