ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක මෙන්ම හිටපු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරය​ක් ​ලෙසත් , දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයතු ක​ළ  තිස්ස කරලියද්ද මහතා සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා

තිස්ස කරලියද්ද මහතා  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් මෙලෙ​ස සමගි ජන බලවේගය හා එක්වූ බව සදහන් කර සිටියා.

එතුමා සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බවද වාර්තා ​වේ.