දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන (19 වන අධිකාරය) දඩ මුදල් වැඩි කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වර්තමාන මූල්‍ය අගයට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අවසර ලැබී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ  ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.