කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගනක අපරාධ කොට්ටාසය චෝදනා ගොනු කර ඇති ප්රවීණ රංගනශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහි නඩුව අද (29) කැදවනු ලැබුවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නඩුව නීතිපති උපදෙස් සදහා ලබන ඔක්තෝබර් මස 16, වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර නියෝග කර තිබෙනවා.
එමෙන්ම සැකකරුවන් දෙදෙනාට සෑම මසකම අවසාන ඉරු දින පෙරවරු 9-12 අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.
එදිනට පශ්චාත් උපාධි පාඨමාලාවේ දේශන සදහා සහභාගි වන බැවින් එම කොන්දේසිය ලිහිල් කරන ලෙස දමිතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා විධිමත් ලේඛන සහිතව ඉල්ලීම සිදු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.