‘සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන ‘සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඔවුන් සඳහන් කළේ, දළදා වන්දනාව වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බවයි.
තවද මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇතැයි සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේද කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.


