වායු දූෂණ මට්ටම ඉහල යාම හේතුවෙන් ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි සියලුම ප්‍රථමික පාසල් දින දෙකකට වසා දැමීමට බලධාරීන් විසින් කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

දිල්ලි අගනුවර ලෝකයේ වඩාත්ම වායු දූෂිත නගරවලින් එක්කක් ලෙස හඳුනාගෙන ඇති අතර ගොවීන් විසින් සිදුකරන පුළුස්සා දැමීම්, අඩු සුළං වේගය සහ උත්සව සමයේදී රතිඤ්ඤා පිපිරවීම ඇතුළු විවිධ සාධක මෙයට හේතු වන බව එරට විද්‍යාඥයින් පවසා තිබේ.

කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා දිල්ලි පරිසර අමාත්‍යවරයා හදිසි රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

සෑම වසරකම දිල්ලි වැසියන්ට දැඩි සෞඛ්‍ය ගැටලු ඇති කරන අතරම දිල්ලි රජය නගරය තුළ රතිඤ්ඤා නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය සඳහා පුළුල් තහනමක් පැනවීමටද පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.