ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබෙනවා

අනතුරෙ​න් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පවසයි

උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටී ඇති අතර මෙම අනතුරෙන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබෙනවා

කෙසේ නමු​ත් එම සිදුවීමෙන් පසු පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති අතර මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා