පසුගිය 03 වැනිදා කෝන්ගස්දෙනිය හංදිය අසල දී සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා.

සිදුවූ අනතුරෙන් ශානුකගේ හිසට බරපතළ තුවාල සිදුව දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දින 8ක් පුරාව​ට දැඩි සටනක නිරතව මෙලෙස මියගොස් තිබෙනවා

ශානුක රවිඳු  වය​ස අවුරුදු 22ක් වන අතර ඔ​හු  තිහාරිය – කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි තරුණයක්

කෙසේ වෙතත් ඔහුගේ මොළය මිය ගොස් ඇති බවට වෛද්‍යවරු විසින් තහවුරු කිරීමත් සමග ශානුකගේ වකුගඩු, අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට ඔහුගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබුණේ අනතුරට පෙර සිටම මරණකරු අවයව දන්දීමට කැමැත්තක් ඇති බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන්.

අනතුරුව තවත් ජීවිත තුනක් ජීවත්කරවීම සඳහා එම අවයව බද්ධකිරීම් සිදුකර ඇති බවද වාර්තා වනවා.