නවසීලන්තයේ ආදිවාසී මාඕරි අයිතීන් බිඳ දැමීම නිසා කෝපයට පත් දහස් ගණන් ජනයා නවසීලන්තය පුරා විරෝධතාවලට එකව තිබෙනවා.

මධ්‍යම දක්ෂිණාංශික සභාග ආණ්ඩුව සිය පළමු අයවැය එලිදක්වමින් ගත් පියවරන් කිහිපයක් නිසා මෙම තත්වය ඇති වූ බව වාර්තා ​වේ

නවසීලන්ත නව රජය නව බදු කප්පාදු නිවේදනය කර නිවාස හා සංරක්ෂණය ඇතුලු ක්ෂේත්‍රවල නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම හේතුවෙන් නවසීලන්ත ආදිවාසී මාඕරිවරුන්ට ප්‍රතිලාභ ලබා දෙන වැඩසටහන් සඳහා අරමුදල් කපා හැර ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරයි .

කෙසේ වෙතත් නව මුල පිරීම් මගින් සියලුම නවසීලන්ත වැසියන්ට ප්‍රතිලාභ ලැබෙන බව පවසමින් මුදල් අමාත්‍යවරයා එල්ල වූ විවේචන ප්‍රතික්ෂේප කර තිබෙනවා

හිකෝයි ලෙස හැඳින්වෙන මෙම ආදිවාසී විරෝධතා නවසීලන්ත අගනුවර වෙලින්ටන්, ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් ඇතුළු නගරවල පවත්වා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි